Sinhala Guru

සිංහල භාෂාව හා සාහිත්‍යය ඉගෙන ගැනීම සඳහා සාර්ථක හා පහසු මඟක් සොයන
ඔබ සඳහා ම සැකසුණකි.

Choose Your Ideal Sinhala Course

Tailored lessons for every grade, every learner – Learn grammar, literature, and more at your own pace.

Rasanjana Kalungalla

Master of Sinhala – Colombo

කොළඹ 7, කාන්තා විද්‍යාලයේ සිංහල ගුරුවරයා ලෙසත් කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික පංති මෙහෙයවන සිංහල ගුරුවරයෙකු ලෙසත් වසර ගණනාවක් පුරා උසස් ප්‍රතිඵල සමග සිසුන් සමත් කරමින් ඉගැන්වීමේ ක්‍රියාවලියෙහි යෙදී සිටිමි.

අ.පො.ස. සාමාන්‍ය පෙළ  හා අ.පො.ස උසස් පෙළ විභාග සඳහා ද 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා සියලු ම ශ්‍රේණිවල සිසුන්ට online සිංහල පංතියක් හෝ online සිංහල පාඨමාලාවක් සොයන්නේ නම් Sinhalaguru.lk ඔබට ප්‍රාමාණික සේවාවක් සපයයි. කොළඹ හා ග්‍රාමීය ප්‍රදේශවලත් විදේශයන්හි සිටිමින් සිංහල විෂය ඉගනීමට ගුණාත්මක සිංහල tuition පංතියක් සොයනා ශිෂ්‍යයන්ටත් මෙයින් සේවය සැපයෙනු ඇත. ලංකාවේ උපකාරක පංති ක්ෂේත්‍රයේ විශිෂ්ටතම පාඨමාලාවන් මේ ඔස්සේ ඔබට ලබාගත හැකිය. සිංහල ගුරුතුමා යූ ටියුබ් නාලිකාවෙන් සිදු කරන සමාජ සත්කාරයෙහි දිගුවක් ලෙසින්ද මෙය හැඳින්විය හැකිය. සජීවී සිංහල පංතියක අත්දැකීම ප්‍රදානය කරමින් විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාදීම අපගේ අරමුණයි. මෙහි ඇතුළත් video නැරඹීමෙන්, පුනරීක්ෂණ අභ්‍යාස, නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර පරිශීලනය කිරීමෙන් සිංහල විෂයීය දැනුම පුළුල් කර ගැනීමට හැකිවනු ඇත.